60 Views  
උඩ කබල තබා සාදන මාළු ඇඹුල් තියල්

අවශ්‍ය ද්‍රව්‍ය
කෙලවල්ලන් ග්‍රෑම් 500
ගොරකා ඉති 4-5ක්
ගම්මිරිස් මේස හැඳි 2
කරපිංචා කිනිත්තක්
කුරුඳු‍පොතු කැබැල්ලක්
ලුණු රසට අනුව, කෙසෙල් කොළයක්
අඟුරු කබලක්
 
සාදන ආකාරය
මාළු හොඳින් පිලී යන ලෙස සෝදා තරමක කැබැලි කපා ගන්න. ඉන්පසු එය බඳුනකට දමා ලුණු, ගම්මිරිස් හොඳින් සිහින් පාප්පයක් සේ අඹරාගත් ගොරකා, කරපිංචා දමා හොඳින් අතගා සීසන් වන්නට තබන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එහි අඩියට කෙසෙල් කොළයක් දමා ගන්න. දැන් සීසන් කරගත් මාළු මෙහි පිළිවෙළට අඩුක් කරගන්න. මාළු තිබූ බඳුනට වතුර ස්වල්පයක් දමා කලතා එය මාළු උඩින් වත් කරන්න. දැන් සාමාන්‍ය ආකාරයට ලිප තබා ගින්දර දමන්න. ‍පොල් කටු පුළුස්සා ගත් ගිනි අඟුරු සහිත කබලක් උඩින් තබන්න. මාළු ටික ඉතා මද ගින්දරේ පිසගන්න. හොඳින් වියැළුණු මාළු ඇඹුල්තියලක් ඔබට ලැබේවි.


Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks