Home / මුළුතැන්ගෙය / පොළොස් ඇඹුල

පොළොස් ඇඹුල

2019-03-18 12:07:00       653
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය -

‍පොළොස් ගෙඩි 1, කහ ස්වල්පයයි, වියළි මිරිස් කරල් 10 (මෙය වෙනම අඹරා ගන්න), කොත්තමල්ලි තේ හැඳි 1, සූදුරු තේ හැඳි 2, (මෙය එකට අඹරා ගන්න) රතුලූනු ගෙඩි 10, රම්ප කොළ කෑල්ලක්, කරපිංචා කොළ ටිකක්, ‍පොල් කිරි කෝප්ප 5, ලුණු, ‍පොල් තෙල්, තක්කාලි ග්‍රෑම් 250

සාදන ක්‍රමය

‍පොළොස් ගෙඩිය ලෙලි ඉවත් නොකර ලොකු කෑලිවලට කපා තම්බා ගන්න. ඉන්පසු ලෙලි සහ වහල්ල ඉවත් කර කුඩා කෑලි කපන්න. භාජනයක් ලිපේ තබා තෙල් ස්වල්පයක් දමා එය රත් වූවාට පසු රතුලූනු ගෙඩි දෙකක් එහි දමා බැදගන්න. ඊටම රම්ප, කරපිංච සහ තක්කාලි එකතු කර රන්වන් පාට වනතුරු බදින්න. ඊට පසු කලින් අඹරා ගත් මිරිස්, තුනපහ, කහ, ලුණු එකතු කර කලවම් කර පිළියෙල කරගත් ‍පොළොස් එකතු කර හැඳි ගාන්න.
මෙය ස්වල්ප වේලා වසා තැබිය යුතුයි. එය හොඳට කලවම් කර ‍පොල් කිරි එකතු කර හැඳි ගාන්න. මෙය මදගින්නේ උයන්න. ඉස්ම යම්තම් තිබියදී ළිපෙන් ඉවතට ගන්න.

More News »