Home / මුළුතැන්ගෙය / කෙලවල්ලන් බොකු පිසීම
කෙලවල්ලන් බොකු පිසීම
2019-01-21 10:29:00  ★ 634

කෙලවල්ලාගේ බොකු ග්‍රෑම් 500, බැද කුඩු කරගත් තුනපහ කුඩු මේස හැඳි 2, බැද අඹරාගත් වියළි මිරිස් කරල් 15, අමුමිරිස් කරල් 10, රතුලූනු මේස හැඳි 4, ඉඟුරු පෙති 4, සුදුලූනු බික් 2, කුරුඳු කෑල්ලක්, පොල් ගෙඩියක, කිරි, සේර, රම්පේ, කරපිංචා, තෙල් ස්වල්පයක්
සාදන ක්‍රමය
මාළු බොකු පිසීමේදී ඉතාමත්ම සැලකිය යුතු කරුණක් නම් එහි තිත්ත කොටස් ඉවත් කිරීමය. එම සියලුම කළු පාට කොටස් ඉවත් කිරීමෙන් තිත්ත රස නැති කර ගත හැකිවේ. මේ තිත්ත රස කළු පාට කොටස එක් වුවහොත් ව්‍යංජනයෙහි තිත්ත රසය ඇතිවේ.
මාළු සහ මාළු බොකු පිළියෙල කිරීමේදී විශේෂයෙන්ම මෙම තිත්ත බඩය ඉවත් කළ යුතු වන්නේය. ඊළඟට බඩවැල් කණපිට පෙරලා මෙම බඩවැල් සුද්ධ කරන්න. ඉන්පසු හොඳින් සෝදා පිරිසිදු කරන්න. මෙසේ හොඳට සෝදා කපාගත් මාළු බොකු ඇතිලියකට දමා විනාකිරි මේස හැඳි 02ක් ලුණු ඇට ටිකක් එකතු කර ඉස්ම හිඳෙන තුරු තම්බා ගන්න.
පොල්තෙල් ටික ළිප තබා හොඳින් රත් වූ විට ලියාගත් රතුලූනු වලින් ස්වල්පයක්, ඉඟුරු, සුදුලූනු, රම්පේ සේර සහ කරපිංචා දමා බැදෙන විට තම්බාගත් මාළු බඩ ටික දමා කලවම් කරන්න. හොඳින් ඝනට සාදාගත් පොල්කිරිවලට තුනපහ ආදිය දමා මෙය වත්කර හොඳට ගින්දර දමන්න. විනාඩි 10ට පසු මිටිකිරි දමා බොරය සිටිනසේ උයා ගන්න. උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

මීලග ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් රාජපක්ෂවරයෙක් ස්ථිරයි..
2019-02-16 04:51:00ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට එන්නේ කොකේන් ගහලා
2019-02-16 03:54:00තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ..- රයන්ගේ දුව නතාලි කතා කරයි..
2019-02-16 02:59:00මෙරට දුම්පානය සියයට 14 දක්වා පහතට
2019-02-16 02:30:00මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කොටස් සාම්පල වාර්තා ශ්‍රී ලංකාවට
2019-02-16 02:17:00ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට විනිසුරුවරු නඩු මඟට
2019-02-16 01:37:00සොච්චම් මුදලකට වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදු වෙලා
2019-02-16 01:35:00උපකාරක පන්තියක මත්පැන් සාදයක්..සිසුන් පිරිසක් අත්අඩංගුවේ
2019-02-16 01:33:00ඉක්මන් මහ මැතිවරණයක්..ජාතික ආණ්ඩුවක් හදන්න ගොස් තිබෙන සුළුතර ආණ්ඩුවත් අවදානමේ
2019-02-16 12:35:00මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මමයි..එය ස්ථිරයි- අගමැති රනිල්
2019-02-16 12:34:00කොකේන් භාවිතා කරනා ඇමතිවරු ගැන තොරතුරු රංජන් කියයි
2019-02-16 12:32:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com