Home / මුළුතැන්ගෙය / මාළු කිරට පිළියෙල කිරීම

මාළු කිරට පිළියෙල කිරීම

2019-01-18 11:01:00       656
feature-top
තෝර මාළු ඉස්සන් පරා කෙලවල්ලන් ආදී ඕනෑම මාළු වර්ගයක් මේ ක්‍රමයට පිස ගැනීමට පුළුවනි.

තෝර මාළු ග්‍රෑම් 500 අඹරාගත් මිරිස් මේස හැඳි 1 1/2, අමුමිරිස් කරල් 4, අඹරාගත් අබ, සූදුරු, කොත්තමල්ලි තේ හැඳි 1 1/2, සුදුලූනු බික් 4, රතුලූනු පෙති මේස හැඳි 2, ඉඟුරු පෙති 2, දෙහි ගෙඩියක් ඉස්ම, උළුහාල් ස්වල්පයක්, කරපිංචා, ‍පොල්කිරි කෝප්ප 1

සාදන ක්‍රමය

තෝර මාළු ‍පොත්ත පිටින් හෝ කෑලි කපා ගන්න. ලුණු අතගා විනාඩි දහයක් තියන්න. ඉන්පසු දෙහි හැර අනිත් සියලුම කළමනා සහ ‍පොල්කිරිද එක්කර පිස ගන්න. හිඳී එනවිට දෙහි ඇඹුල් එක්කර ලුණු බලා මදගින්නේම පිසගන්න.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »