Home / මුළුතැන්ගෙය / තෙලෙන් බැද පිස ගත් මාළු

තෙලෙන් බැද පිස ගත් මාළු

2019-01-14 09:51:00       635
feature-top
කෙලවල්ලා, බලයා, මෝරා හෝ ගල් මාළු ග්රෑම් 500 (ලොකු මාළු) බැද කුඩු කරගත් තුනපහ කුඩු මේස හැඳි 02, බැද අඹරාගත් මිරිස් කරල් 15, අමුමිරිස් කරල් 4, රතුලූනු පෙති මේස හැඳි 2, ඉඟුරු පෙති 2, සුදුලූනු බික් 2, ‍පොල් ගෙඩියක කිරි, රම්පේ, කරපිංචා, සේර, කුරුඳු, ‍පොල්තෙල්, ලුණු සහ විනාකිරි, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2

සාදන ක්‍රමය

මාළු කෑල්ල හොඳට සෝදා තරමක ‍පොඩි කෑලි වලට කපා ලුණු, විනාකිරි දමා හිඳෙන්න තම්බන්න.

මාළු මෙසේ තම්බා ගන්නේ බදිනවිට තෙල් ඉසීම වළක්වන්නත්, මාළු වලට ලුණු ඇඹුල් හොඳින් ඇල්ලීමත් සඳහාය) මෙසේ තම්බාගත් මාළු නිවුණාට පසු තෙල් ළිප තබා හොඳට රත් වූ පසු ටික ටික දමා මාළු කෑලි කරවෙන්න හොඳින් බැද ගන්න. ‍පොල්කිරි වලට කළමනා සියල්ලත් ලුණු සහ විනාකිරිත් පදමට දමා බැදගත් මාළු එයට දමා පිස ගන්න. දැන් මිටිකිරි එක්කර හොඳට ගින්දර දමා ඉක්මනින්ම බොර හිටින්නට උයා ගන්න.

More News »