Home / මුළුතැන්ගෙය / මාළු සැන්ඩ්විච්

මාළු සැන්ඩ්විච්

2018-12-11 10:55:00       269
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

බර්ගර් බනිස් 2යි

තලපත් මාළු පෙති 2 යි

බිත්තරයක්

ලුණු රසට අනුව

ගම්මිරිස් රසට අනුව

පාන්පිටි ස්වල්පයක්

පාන් කුඩු ටිකක්

සලාද කොළ 2ක්

මාගරින් මේස හැඳි 2ක්

දෙහි බෑයක පමණ යුෂ

තෙල් අවශ්‍ය තරමට

සාදන ආකාරය

මාළු ඉතාම සිහින් පෙති ලෙස කපා ගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ දමා සීසන් වන්නට තබන්න. දැන් මේ මාළු පෙති බිත්තර සාරුවල ගිල්වා, පාන්පිටි මත පෙරළා පාන් කුඩුද තවරාගෙන රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද තෙල් බේරෙන්නට තබන්න. දැන් බර්ගර් බනිස් ගෙඩි පලා මාගරින් තවරා ගන්න. මාළු පෙත්ත සමග සලාද කොළ කැබැල්ලක් තබා වසා ගන්න.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »