Home / මුළුතැන්ගෙය / පුරවන ලද මාළුමිරිස්

පුරවන ලද මාළුමිරිස්

2018-11-08 12:02:00       210
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය  :

    මාළු මිරිස් කරල් 10ක් විතර
    කුඩාවට කපාගත් ළුණු ගෙඩි 2ක්
    කරපිංචා
    උම්බලකඩ ස්වල්පයක්
    තුනපහ රස අනුව
    කහ
    ලුණු රස අනුව
    අඹරා ගත් ඉඟුරු
    අඹරා ගත් සුදුළුණු

අවශ්‍ය ද්‍රව්‍ය  : (බැටර් එකට)

    කඩලපිටි මේස හැඳි 5 ක් පමණ
    පාන්පිටි මේස හැඳි 1 ක් පමණ
    කහ කුඩු
    දියකරගත් කිරිපිටි කෝප්ප 1/2
    ලුණු රස අනුව

( කඩලපිටි වලට ලුණු, කහ, පිටිකිරි දමා බැටර් එක සාදාගන්න )
සාදන ආකාරය :
පියවර 01

ළුණු, කරපිංචා, උම්බලකඩ, තුනපහ, කහ සහ ලුණු කළවම් කරගන්න. තෙල් ටිකක් ලිප තබා අඹරා ගත් ඉඟුරු සුදුළුණු දමා ඉහත සකස් කරගත් ළුණු මිශ්‍රණය එක් කර හොඳින් මැලවෙන තුරු පිසගන්න.
පියවර 02

මාළුමිරිස් කරල් වෙන් නොවන සේ පලාගෙන දැන් එම මිශ්‍රණය මලුමිරිස් වලට පුරවන්න.මාළු මිරිස් වලට පාන්පිටි ටිකක් තවරන්න. එහෙම කරන්නේ බැදෙද්දී කැඩෙන්නේ නැතිවෙන්නයි.
පියවර 03

ඉන්පස්සේ පාන්කුඩු වල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
පියවර 04

මේ බැටර් එක චිකන්, සොසේජස්, එළවලු, හතු ආදිය බැදගැනීමට ත් ඉතාම කදිමයි

(under the courtesy of womanly.lk blog web)

More News »