Home / මුළුතැන්ගෙය / තායි චිකන් ෆ්‍රයිඩ් රයිස්

තායි චිකන් ෆ්‍රයිඩ් රයිස්

2018-07-23 11:50:00       381
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

එළවළු තෙල් මේස හැඳි 02යි

සිහින්ව කපාගත් සුදුළූණු බික් 03යි

චිලීපේස්ට් මේස හැන්දක්

කුඩාවට කපා ගත් කුකුළු මස්

(කටු ඉවත් කරගත්) ග්‍රෑම් 250යි

පිසගත් බත් කෝප්ප 02ක්

සෝයා සෝස් මේස හැන්දක්

ෆිෂ් සෝස් මේස හැන්දක්

කපාගත් බැසිල් කොළ ස්වල්පයක්

කපාගත් කොත්තමල්ලි කොළ මේස හැන්දක්

කපාගත් ලූණු කොළ මේස හැඳි 02යි

 

සාදන ක්‍රමය

බඳුනක් ළිප තබා, එයට තෙල් දමා, රත්වන විට සුදු ලූණු එක්කර ගන්න. සුදු ලූණු රන්වන් පැහැවන විට, එයට චිලී පේස්ට් හා කුඩාවට කපාගත් කුකුළු මස් කැබැලි දමා, හොඳින් බැදෙන තුරු හැඳිගාමින් පිස ගන්න. කුකුළු මස් හොඳින් බැදුණු පසු, බත්, ෆිෂ් සෝස් හා සෝයා සෝස් එක්කර හැඳිගාමින් පිස ගන්න. එයට ම

කපාගත් බැසිල් කොළ, කොත්තමල්ලි කොළ හා ලූණු කොළ එක්කර, කලවම් කර, විනාඩියකට පමණ පසු ළිපෙන් බා ගන්න. උණු උණුවේ ම පිළිගන්වන්න.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »