Home / මුළුතැන්ගෙය / වම්බටු සම්බෝලය

වම්බටු සම්බෝලය

2018-05-10 11:14:00       589
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය -
 
වම්බටු කරල් 5-6ක්
රතුලූනු ගෙඩි 10ක් පමණ
අමුමිරිස් කරල් 2යි
රතුපාට ඉඳුණු තක්කාලි ගෙඩියක්
අඹරාගත් අබ තේ හැඳි 1
ලුණු රසට අනුව
විනාකිරි මේස හැඳි 2
බැද ගැනීමට තෙල්
 
සාදන ආකරය,
 
වම්බටු සෝදා සිහින් පෙතිවලට කපා රත්වූ ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැද තෙල් බේරෙන්නට හරින්න. රතුලූනු, අමුමිරිස්, තක්කාලි කුඩා කොටු ලෙස කපාගන්න. දැන් බඳුනක් ගෙන එයට විනාකිරි, ලුනු, අබ දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් කපාගත් ලූණු, අමුමිරිස්, තක්කාලි සහ බැදගත් වම්බටු දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර කෑමට ගන්න.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »