Home / මුළුතැන්ගෙය / සිංහල අලුත් අවුරුදු කැවිලි මේසයට පැණි වළලු හදමු

සිංහල අලුත් අවුරුදු කැවිලි මේසයට පැණි වළලු හදමු

2018-04-09 10:53:00       382
feature-top
එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට සාමාන්‍යෙයන් සාදන කැවුම්, කොකිස්, අලුවා වලින් මිදී රසවත් කෑමක රස විදීමට නිවැසියන්ට අවස්ථාවක් ලබා දීමට ඔබ කැමතිද? එසේනම් මෙවර අලුත් අවුරුද්දට වෙනසක් ලෙස රස වෑහෙන පැණි වළලු සාදා ගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

උදු ඇට  500g
හාල් පිටි 250g
මිටි කිරි අඬු කෝප්ප 5
ලුණු තේ හැඳි 2
පැණි අඬු කෝප්ප 4
බැඳ ගැනීම‍ට පොල් තෙල්

 සාදා ගන්නා ආකාරය

හාල් පිටි කීප වරක් හලා ගන්න. උඳු ඇට ගරා සෝදා රැයක් පුරා පෙඟෙන්නට තබන්න.දැන් එය පෙරාගෙන පොල් කිරි ටිකක්ද දමා හොඳට ග්‍රයින්ඩ් කර ගන්න.දැන් අභරා ගත් උඳු භාජනයකට දමා හාල් පිටි සහ ලුණු ද එකතු කර හොඳට මිශ්‍ර කරන්න. පොල් කිරි ටික ටික දමමින් අතේ නොඇලෙන ගනට උකු මිශ්‍රණයක් සාදා ගන්න. දැන් මේ පිටි මිශ්‍රණය පැය 05ක් පමණ වසා පසෙකින් තබන්න.

මිශ්‍රනය පිපෙන්න කිසිම දෙයක් අවශ්‍ය නොවෙන අතර පොල් මිරිකා ගන්නා විට පොල් වතුර ස්වල්පයක් භාවිත කළ හැකිය. පිටි මිශ්‍රනය වසා උණුසුම් තැනක තැබීමෙන් පිපීමේ හැකියාවද ඉක්මන්වෙන බව මතක තබා ගන්න.

ඒ අතරතු පැණි ටික ළිප තබා ඉතාම මඳ ගින්නේ රත් වන්නට හරින්න. පැණි උණු කරන විට එයට සීනි මේස හැඳි 02ක් පමණ දමා උණු කිරීමෙන් පැණි හොඳින් උරා ගැනීමේ හැකියාව ඇති කරයි. මෙහිදී මතක තබා ගතයුතුම කාරණයක් වන්නේ පැණි පත් පැණි වෙන්න කලින් ලිපෙන් බා ගැනීමයි.

පැය 05ක් ගිය පසු ඝනකම් රෙදි කැබැල්ලක් ගෙන බොත්තම් කාසයක් මසා එයට සාදා ගත් පිටි මිශ්‍රණයෙන් එකක් දමා ගන්න.

තෙල් ලිප තබා රත් කරන්න.දැන් පිටි මිශ්‍රණය දමා ගත් රෙදි කැබැල්ල මිරිකමින් රත්වූ තෙලට වළලු ආකාරයට පිටි රවුම් වත් කරමින් රන්වන් පාට වන තෙක් බැද ගන්න.

පිටි-වළලු බැඳ ගත් විගසම පැණි භාජනයකට දමා හොඳින් උරාගත් පසු මුට්ටියක අසුරා ගන්න.

එළැඹෙන සිංහල අලුත් අවුරුදුද්දේ කෑම මේසය රස කරන්න, හැඩ කරන්න පිඟානක අසුරා මේසයට පිළිගන්වන්න.

wedabima.lk



More News »