Home / මුළුතැන්ගෙය / ටින්කිරි තල මස්කට්

ටින්කිරි තල මස්කට්

2018-04-09 10:51:00       586
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
 
ටින්කිරි ටින් 1 යි
තල ග්‍රෑම් 250
සහල් පිටි ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 250
එන්සාල් ඇට 2-3ක්
තලතෙල් අඬු කෝප්ප 1/2
වතුර අඬු කෝප්ප 4
 
සාදන ආකාරය
 
තල ඇට පිරිසිදු කර කබ‍ලේ බැදගන්න. සහල් පිටි සහ වතුර එකට මිශ්‍ර කරන්න. දැන් එය භාජනයකට දමා ළිප තබා උතුරවන්න. දැන් එයට ටින්කිරි, සීනි, තලාගත් එන්සාල්, තලතෙල් එකතුකර හොඳින් මිශ්‍ර කරමින් ගින්දර ඉතාම අඩුකර මද ගින්දරේ පිසගන්න. උකුවී ගෙන එන විට තැටියක වඩා කෑලි කපා ගන්න.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »