Home / මුළුතැන්ගෙය / පොල්කිරි කැරමල්

පොල්කිරි කැරමල්

2018-04-07 10:57:00       388
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
 
උකු මිටිකිරි අඬු කෝප්ප 1
සීනි ග්‍රෑම් 75
බිත්තර 6 යි
 
සාදන ආකාරය
 
සීනි ග්‍රෑම් 25 බඳුනකට දමා එය කැරමල් කර ගන්න. කැරමල් පුඩිම සාදන භාජනයේ අඩියට මේ කැරමල් එක දමන්න. දැන් ඉතිරි සීනි, බිත්තර හොඳින් බිට් කර ගන්න. දැන් මිටිකිරි දමා හොඳින් කලවම් කරගන්න. දැන් මේ මිශ්‍රණය සකස් කරගත් බඳුනේ දමා වාෂ්පයෙන් පිස ගන්න. නැතිනම් විනාඩි 45ක් අවන් එකක පුළුස්සා ගන්න.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »