Home / මුළුතැන්ගෙය /
මීකිරි, අඹ කේක්


මීකිරි, අඹ කේක්

2018-04-05 10:17:00       559
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
 
මී කිරි මි.ලී. 500
ඉදුණු අඹ ගෙඩියක්
නයිස් බිස්කට් ග්‍රෑම් 100
රසට අනුව සීනි
ජෙලටින් තේ හැඳි 2
බටර් මේස හැඳි 2
 
සාදන ආකාරය
 
නයිස් බිස්කට් අතින් හොඳහැටි කුඩු කරගන්න. එයට බටර් දමා හොඳින් මිශ්‍ර කරගන්න.  අඹ ගෙඩියේ ලෙල්ල ඉවත් කර ඉතා කුඩා කැබැලිවලට කපන්න. දැන් අඹ, මීකිරි, සීනි එකට දමා හොඳින් බිට් කරගන්න. මෙයට දියකරගත් ජෙලටින් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. සුදුසු ට්‍රේ එකක් ගෙන එහි යටට බිස්කට් මිශ්‍රණය දමා තුනී කරගන්න. ඒ මත සාදාගත් අඹ මිශ්‍රණය වත්කර ශීතකරණයක තබා කෑමට ගන්න.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »