Home / මුළුතැන්ගෙය / ජෙලි පෘෘට්

ජෙලි පෘෘට්

2018-03-29 09:50:00       335
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
 
එළකිරි මිලි. ලී. 500
රතු පාට ජෙලි මි.ලී. 50
කොළ පාට ජෙලි මි.ලී. 50
කහ පාට ජෙලි මි.ලී. 50
කසකසා ඇට ග්‍රෑම් 10
කපාගත් ඉදුනු ගස්ලබු ග්‍රෑම් 50
සිහින් කොටු කපාගත් ඇපල් ගෙඩියකින් 1/2ක් පමණ
සීනි රසට අනුව
 
සාදන ක්‍රමය
 
ජෙලි සාමාන්‍ය ආකාරයට සාදා සෙට් කරගෙන ඉතා කුඩා කැබැලිවලට කපා ගන්න. කසකසා ඇට ටික පැය 2-3ක් වතුරේ ‍පොඟවා ගන්න. පලතුරු වර්ගද කුඩා කොටු ලෙස කපාගන්න. දැන් සියලුම පලතුරු වර්ග සහ ජෙලි මිශ්‍රකර වීදුරුවලට දමන්න. දැන් කිරි, සීනි, කසා ඇට මිශ්‍රකර පලතුරු මත දමා ශීතකරණයේ තබා පිළිගන්වන්න.


(under the courtesy of sithmalyaya.com web)

More News »