Home / මුළුතැන්ගෙය / පලා ඔම්ලට්

පලා ඔම්ලට්

2018-03-19 11:05:00       123
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
මුකුණුවැන්න දලු මිටක්
ගොටුකොළ මිටක්
බිත්තර 4ක්
අමුමිරිස් කරල් 2යි
කෑලි මිරිස් තේ හැඳි 1
ලුණු රසට අනුව
එළඟිතෙල් ටිකක්
උම්බලකඩ කැබැලි මේස හැඳි 1
රතු ලූනු ගෙඩි 5-6ක්
 
සාදන ආකාරය
පලා වර්ග සෝදා හොඳින් දිය බේරා ගන්න. ඒවා සිහින්ව කපා ගන්න. රතුලූනු, අමුමිරිස්ද සිහින්ව ලියාගන්න. භාජනයක් ගෙන එයට කපාගත් රතුලූනු, අමුමිරිස්, පලා ටික දමන්න. දැන් එයට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් දමන්න. හොඳින් මිශ්‍ර කරන්න. දැන් එළඟිතෙල් දමාගත් පෑන් එකක් ළිප තබන්න. රත්වූ විට පලා මිශ්‍රණය දමා තෙම්පරාදු වන්නට හරින්න. බිත්තර කඩා බඳුනකට දමා හොඳින් තට්ටු කරන්න. දැන් බැදීගෙන එන පලා උඩින් බිත්තර සාරු වත්කර දෙපැත්ත දමා ඔම්ලට් සාදාගන්න.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »