Home / මුළුතැන්ගෙය / ලාවුළු ව්‍යංජනය

ලාවුළු ව්‍යංජනය

2018-02-09 01:13:00       324
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
 
හොදින් පැසුනු ලාවුළු ගෙඩි 2ක්
රතුලූනු ගෙඩි 10ක් පමණ
අමුමිරිස් කරල් 3 යි
සුදුලූනු බික්  3යි
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
කහ කුඩු ස්වල්පයක්
‍පොල්තෙල් මේස හැඳි 4
බැඳපු තුනපහ කුඩු තේ හැඳි 1
කුරුඳු‍පොතු කැබැල්ලක්
මිරිස් කුඩු තේ හැඳි 2
වියලි මිරිස් කරල් 5යි
අබ ඇට තේ හැඳි 1/2
ලුණු රසට අනුව
දියකිරි අඬු කෝප්ප 2
මිටිකිරි අඬු කෝප්ප 2
 
සාදන ආකාරය
 
ලාවුළු ගෙඩි වල ‍පොත්ත හොඳින් ඉවත් කර කිරි ඉවත්ව යන ලෙස හොඳින් සෝදා ගන්න. දැන් හොඳින් කැපෙන පිහියකින් තට්ටු කරමින් කුඩා කොටු ලෙස එය ලියා ගන්න. (පරිප්පු ඇට තරමේ කැබැලි ලෙස) මැටි ඇතිලියක් ගෙන එයට කපගත් ලාවුළු දමන්න. දැන් මිරිස් කුඩු, තුනපහ කුඩු, කුරුඳු‍පොතු, ලුණු එකතු කර දියකිරි දමා මිශ්‍ර කර ලිප තබන්න. හොඳින් ලාවුළු කැබැලි තැම්බුනු පසු එය වෙනත් බඳුනකට දමා ඇතිලියට ‍පොල්තෙල් ටික දමන්න. රත්වුනු තෙලට ලියාගත් රතුලූනු, අමුමිරිස්, සුදුලූනු, රම්පේ කරපිංචා හා කැබැලි වලට කඩාගත් වියලි මිරිස්, අබ ඇට එකතු කරන්න. රන්වන් පාටට බැදෙන විට තම්බාගත් ලාවුළු ටික දමන්න. මදක් තෙ‍ලේ කලවම් කරමින් මිටිකිරි එකතු කරන්න. හොඳින් උතුරවා බා ගන්න.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »