Home / මුළුතැන්ගෙය / චිකන් ස්ප්‍රිං රෝල්ස්

චිකන් ස්ප්‍රිං රෝල්ස්

2018-02-02 09:42:00       367
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
 
තම්බා ගත් කුකුල් මස් ග්‍රෑම් 200
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50
සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 50
සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 25
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
තෙල් අවශ්‍ය තරමට
ස්ප්‍රිං රෝල් ෂීට් 20ක් පමණ
බිත්තරයක්
 
සාදන ආකාරය
 
කුකුල් මස් කුඩාවට කපා ගන්න. දැන් බඳුනක් ළිප තබා තෙල් මේස හැඳි 2-3ක් දමා රත් කරන්න. දැන් එළවළු සහ මස් කැබැලි දමා තෙම්පරාදු කරගන්න. ලුණු, ගම්මිරිස් එකතු කරන්න. දැන් ස්ප්‍රිං රෝල් මත මේවා දිගටියට දමා රෝල් කර බිත්තර සාරු ටිකක් ගාමින් ඔතා අලවා ගන්න. දැන් රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැඳගන්න.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »