Home / මුළුතැන්ගෙය / ලෙමන් ස්ට්‍රෝබෙරි චොක්ලට් මූස්

ලෙමන් ස්ට්‍රෝබෙරි චොක්ලට් මූස්

2018-01-04 10:51:00       275
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව ගාගත් චොක්ලට් ග්‍රෑම් 50
බටර් මේස හැඳි 1
බිත්තර සුදුමද 1 යි
ගසාගත් විප් ක්‍රීම් ලීටර් 1/4
සීනි මේස හැඳි 1
ස්ටේ‍රා්බෙරි යුෂ මේස හැඳි 3
දෙහි යුෂ මේස හැඳි 3
 
සාදන ආකාරය
බිත්තර සුදුමදය හොඳින් ගසාගන්න. සීනි දමා නැවත ගසා ගන්න. විප් ක්‍රීම් හොඳින් බිට් කරගෙන ශීතකරණයේ විනාඩි 15ක් තබන්න. තරමක ලොකු බඳුනක් ගෙන එයට චොක්ලට් සහ බටර් දමා හොඳින් බිට් කරගන්න. එයට ගසාගත් බිත්තර සුදුමදය සහ විප් ක්‍රීම් දමා කලවම් කර ගෙන ඒ මිශ්‍රණය කොටස් දෙකකට වෙන්කර ගන්න. එක් කොටසකට ලෙමන් යුෂ එකතු කර මිශ්‍ර කරගන්න. අනෙක් කොටසට ස්ටේ‍රා්බෙරි යුෂ දමා කලවම් කර ශීතකරණයේ තබා සෙට් කර කෑමට ගන්න.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »