Home / මුළුතැන්ගෙය / චීස් පිරවූ බත් බෝල

චීස් පිරවූ බත් බෝල

2017-12-29 12:19:00       454
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී සහල් අඬු කෝප්ප 2
ඔලිව් තෙල් මේස හැඳි 5
රතු වයින් මේස හැඳි 6
පාන්පිටි ටිකක්
බිත්තර 2ක්, චීස් කැබැල්ලක්
පාන්කුඩු අවශ්‍ය තරමට
ලුණු රසට අනුව
බැද ගැනීමට තෙල්
 
සාදන ආකාරය
බාස්මතී සෝදා පෙඟෙන්නට දමා ටික වේලාවක් තබා හොඳින් දිය බේරා ගන්න. දැන් ඔලිව් තෙල් ළිප තබා රත්වන විට සහල් ටික දමා එහාට මෙහාට කරමින් බැද ගන්න. බැදීගෙන එනවිට වයින් ටික එකතු කර නැවත කූරු ගාමින් කලවම් කරන්න. වයින් ටිකද සිදීගෙන යන විට ලුණු ස්වල්පයක් සහ වතුර එකතු කර හොඳින් තැම්බෙන තුරු බත පිසගන්න. මෙය බෙරි වූ බතක් විය යුතුය. චීස් සෙන්ටිමීටරයේ පමණ දිග පළලට කොටු කපා ගන්න. පාන්පිටි වලට බිත්තර දමා හොඳින් මිශ්‍ර කර උකු බැටරයක් සාදා ගන්න. දැන් බත් පිඩක් අතට ගෙන එහි මැදට චීස් කෑල්ලක් තබා ගුලි සාදා ගන්න. දැන් මේ බත් ගුලි පාන්පිටි බැටරයේ ගිල්වා පාන් කුඩු මත පෙරලා රත්වූ ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැද ගන්න.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »