Home / මුළුතැන්ගෙය / ඉස්සන් බතක්

ඉස්සන් බතක්

2017-12-21 11:37:00       605
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී කිලෝග්‍රෑම් 1
කුඩා ප්‍රමාණයේ ඉස්සන් ග්‍රෑම් 500
ලොකුලූනු ගෙඩියක්
තක්කාලි ගෙඩි දෙකක්
තම්බාගත් ග්‍රීන්පීස් ග්‍රෑම් 100
අඹරාගත් ඉගඳරු සුදුලූනු ග්‍රෑම් 10
තෙල් මේස හැඳි 5
අඟලක පමණ කුරුඳු කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
ලුණු ටිකක්
 
සාදන ආකාරය
ඉස්සන් ‍පොතු හැර සෝදා ගන්න. සහල් ටික සෝදා ටික වේලාවක් පෙඟෙන්නට තබා දිය බේරා ගන්න. ලොකු ලූනු, තක්කාලි කුඩාවට කොටු කපාගන්න. තෙල් ටික ළිප තබා රත්වන විට කරපිංචා දමන්න. අඹරාගත් ඉඟුරු, සුදුලූනු තලාගත් කුරුඳු කැබැල්ල දමන්න. දැන් ඉස්සන් දමන්න. ලුණු එකතු කරන්න. තක්කාලි කැබැලි ලූනු එකතු කර තෙම්පරාදු වන්නට හරින්න. සහල් ටිකද එකතු කර හොඳින් කූරු ගාමින් තරමක් බැදෙන්නට හරින්න. ඉන්පසු වතුර ප්‍රමාණවත් තරමට එකතු කර බත පිසගන්න.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »