Home / මුළුතැන්ගෙය / සීෆුඩ් ස්පැගටි

සීෆුඩ් ස්පැගටි

2017-12-19 11:06:00       392
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
ස්පැගටි ග්‍රෑම් 200
කුඩා ප්‍රමාණයේ ඉස්සන් ග්‍රෑම් 200
රතු කහ සහ කොළ පාට බෙල්පෙපර් ග්‍රෑම් 200
දැල්ලන් ග්‍රෑම් 100
බෙල්ලන් ග්‍රෑම් 100
ලොකු ලූනු ගෙඩියක්
ඔලිව් තෙල් මේස හැඳි 3
අඹරාගත් ඉඟුරු, සුදුලූනු ග්‍රෑම් 10
කහ කුඩු ස්වල්පයක්
තක්කාලි ගෙඩි දෙකක්
ලුණු රසට අනුව
ගම්මිරිස් කුඩු ටිකක්
 
සාදන ආකාරය
නටන වතුරට තෙල් බිංදු කීපයක් දමා ස්පැගටි මෘදු වනතුරු තම්බා දිය බේරා ගන්න. ඉස්සන් ‍පොතු ඉවත්කර සෝදා ගන්න. දැල්ලන් සෝදා කුඩා කොටු ලෙස කපා ගන්න. බෙල්ලන්ද කටු ඉවත්කර ගලවා ගන්න. බෙල් පෙපර් කුඩා කොටු වලට කපා ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට අඹරාගත් ඉඟුරු, සුදුලූනු දමන්න. සිහින්ව චොප් කරගත් ලොකු ලූනු දමන්න. ඉන්පසු ඉස්සන්, දැල්ලන්, බෙල්ලන් එකතු කර තෙම්පරාදු වන්නට හරින්න. දැන් බෙල්පෙපර්, කහ කුඩු, ලුණු, ගම්මිරිස් තීරුවලට කපාගත් තක්කාලි දමන්න. දැන් තම්බාගත් ස්පැගටි දමා හොඳින් මිශ්‍ර කරගන්න.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »