Home / මුළුතැන්ගෙය / ස්පයිසි හොට් ක්‍රෑබ්

ස්පයිසි හොට් ක්‍රෑබ්

2017-12-11 11:18:00       228
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
 ලොකු කකුළුවන් - ග්‍රෑම් 800
ලූනු කොළ - ග්‍රෑම් 10
අඹරාගත් ඉඟුරු - ග්‍රෑම් 10
ගම්මිරිස් කුඩු - මේස හැඳි 1
කුකිං වයින් - මි.ලි. 10
ලුණු රසට අනුව
සීනි - තේහැඳි 2
වියළි මිරිස් කරල් - 4-5ක්
විනාකිරි - තේ හැඳි 2
එළවළු තෙල් - මේස හැඳි 3
 
සාදන ආකාරය
කකුළුවන් සෝදා කටුව ඉවත්කර  තරමක කැබැලිවලට කපාගන්න. ලොකු තාච්චියක් ළිප තබා රත්වන විට තෙල් එකතු කරන්න. අඹරාගත් ඉඟුරු දමන්න. වියළි මිරිස් කරල් දෙකට තුනට කඩා දමන්න. දැන් මිරිස් කුඩු කුකිං වයින්, ලුණු, සීනි. විනාකිරි සමග කකුළු මස් ටික දමා හොඳින් මිශ්‍රකරමින් පිසගන්න.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »