Home / මුළුතැන්ගෙය / එග් ටෝස්ට්

එග් ටෝස්ට්

2017-11-13 09:32:00       384
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පෙති 4 යි
බිත්තර 2 යි
සිහින්ව ග්‍රේට් කරගත් චීස් ග්‍රෑම් 50
අමුමිරිස් කරල් 5 යි
රසට අනුව ලුණු
රසට අනුව ගම්මිරිස්
බටර් තේ හැඳි 2
සිහින්ව කපාගත් රතුලූනු ගෙඩි 5-6ක්

සාදන ආකාරය
බඳුනක් ගෙන එයට ලුණු, ගම්මිරිස්, බිත්තර, කපාගත් ලූනු, අමුමිරිස් දමා හොඳින් කලවම් කරගන්න. දැන් බටර් ගා ගත් ෆෑන් එකක් රත්වන්නට තබන්න. පාන් පෙත්ත බැගින් ගෙන එය බිත්තර මිශ්‍රණයේ ‍පොඟවා රත්වූ ෆෑන් එකට දමන්න. උඩින් ලූනු, අමුමිරිස් කැබැලි කීපයක් දමන්න. චීස් ටිකක් ද ඉස දෙපැත්ත දමා පුළුස්සා ගන්න. උණුවෙන්ම මේසයට යවන්න

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »