Home / මුළුතැන්ගෙය / මී කිරි සමග ක්‍රිස්පී වෙජිටබල්ස්

මී කිරි සමග ක්‍රිස්පී වෙජිටබල්ස්

2017-10-30 09:43:00       177
feature-top
මී කිරි කියන්නේ ඉතාමත්ම සුලබ ගුණදායක ආහාරයක්. මී කිරි මිශ්‍ර කර හදන මේ ආහාරය ඔබේ කෑම මේසයට පෝෂණය සමග නව පෙනුමක්, සතුටක් රැගෙන එයි කියලා අප සිතනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

    තීරු කපාගත් කැරට් ග්‍රෑම් 100
    තීරු කපාගත් වම්බටු ග්‍රෑම් 100
    තීරු කපාගත් අල ග්‍රෑම් 100
    තීරු කපාගත් බෝංචි ග්‍රෑම් 100
    මී කිරි අඬු කෝප්ප 1
    කොත්තමල්ලි කොළ මේස හැඳි 1
    සූදුරු කුඩු තේ හැඳි ¼
    සූදුරු ඇට තේ හැඳි 1
    දෙහි ගෙඩියක ඇඹුල්
    ලුණු ස්වල්පයක්
    බිත්තර 2
    පාන්පිටි ස්වල්පයක්

සාදන ක්‍රමය:

පළමුව මී කිරිවලට කොත්තමල්ලි කොළ, සූදුරු, දෙහි ඇඹුල්, ලුණු, මිශ්‍ර කර පසෙකින් තබන්න. කපාගත් එළවලු වලට පාන්පිටි ස්වල්පයක් දමා මිශ්‍ර කර පසෙකින් තබන්න. බිත්තර 2 හොඳින් ගසා එයට පාන්පිටි ටිකක්, පොල්කිරි ස්වල්පයක් සූදුරු ඇට තේ හැඳි 1 එකතු කර බැටරය සාදන්න. කපාගත් එළවලු මෙහි දවටා ගැඹුරු තෙලේ රන්වන් පාටට බදින්න. බැදගත් එළවලු දීසියක අතුරා මීකිරි මිශ්‍රණය උඩින් දමන්න.

(under the courtesy of sithmalyaya.com web)

More News »