Home / මුළුතැන්ගෙය / පුහුල් දෝසි

පුහුල් දෝසි

2017-09-26 10:10:00       773
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

    කිලෝ ග්රෑම් 2 1/2 පමණ බර ඇති පුහුල් ගෙඩියක්
    සිනි කිලෝ ග්රෑම් 2
    කරදමුංගු කුඩු තේ හැඳි 1

සාදන ක්‍රමය

    පුළුන් නොවුණ පුහුල් ගෙඩියක් ගෙන මද සහ ඇට හැර ග්රෙටරයකින් හෝ ගාරුප්පුවකින් ගාගන්න.
    අනතුරුව ලේන්සුවක සදා මිරිකා පුහුල්වල තිබෙන වතුර හැර බේසමකට දමන්න.
    වතුර නටවා පුහුල්වලින් උඩට සිටින සේ නටන වතුර වත්කර භාජනයකින් වසන්න.
    ටික වේලාවකට පසු ලේන්සුවේ දමා වතුර මිරිකා තවත් වතුර ඇත්නම් බේරීමට එල්ලා තබන්න.
    ඉන්පසු පුහුල් හා සීනි තාච්චියට දමා ලිප තබා හැඳි ගාන්න. පදමට එනවිට කරදමුංගු ආදී සුවඳ ද්‍රව්‍යයන් ද දමන්න.
    තාච්චිය වටේ සීනි වියළී එන පදමේදී ලිපෙන් ඉවත්කර බන්දේසි ලෑල්ලක තුනී කොටගෙන කැබලි කපා ගන්න.



More News »