Home / මුළුතැන්ගෙය / කොස් මැල්ලුම

කොස් මැල්ලුම

2017-09-20 11:23:00       659
feature-top
අවශ්‍ය දේ :

    හොඳින් පැසුණු කොස් මදුළු 25ක්
    කොස් ඇට 25ක්
    පොල් ගෙඩි 1/4ක්
    කහ තේ හැඳි 1/2ක්
    කුරුඳු අඟල් 2ක්
    අබ තේ හැඳි 1ක්
    අමු මිරිස් හෝ කොච්චි කරල් 3ක්
    සුදුළූණු බික් 5ක්
    රතුළූණු ගෙඩි 4ක්
    අමු ඉඟුරු කැබලි අඟල් 1/2ක්
    ගම්මිරිස් තේ හැඳි 1/2ක්
    ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය :

කොස් මදුළු සෝදා ඇට ගලවා තරමක් සිහින්ව කපා ගන්න. කොස් ඇට ද තලා පොතු හැර සෝදා ගන්න. භාජනයකට වතුර කෝප්ප 1 1/2ක් පමණ සහ ලුණු ස්වල්පයක් දමා තැම්බෙන්නට අරින්න. කහ, අමු මිරිස්, කුරුඳු, අබ, සුදුළූණු, රතුළූණු, ගම්මිරිස්, අමු ඉඟුරු, ලුණු ස්වල්පයක් එකට අඹරා හෝ තලා ගන්න. ඊට පොල් ද එකතු කර වංගෙඩියේ කොටා ගන්න. වතුර සිඳෙන තෙක් තැම්බුණු කොස් ව්‍යංජනයට පොල් මැල්ලුම දමා හොඳින් කලවම් කරන්න. ස්වල්ප වේලාවක් වසා තැම්බෙන්නට හැර ළිපෙන් බා ගන්න.

More News »