Home / මුළුතැන්ගෙය / බෙහෙත් නෙල්ලි ව්‍යංජනය

බෙහෙත් නෙල්ලි ව්‍යංජනය

2017-09-19 12:01:00       641
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
 
නෙල්ලි ගෙඩි ග්‍රෑම් 200
කුඩා ඉඟුරු කැබැල්ලක්
සුදුලූනු බික් 3 යි
රතුලූනු ගෙඩි 10ක්
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
කුඩා සේර කැබැල්ලක්
උළුහාල් තේ හැඳි 1/2
කුරුඳු‍පොතු කැබැල්ලක්
බැදගත් තුනපහ කුඩු
මේස හැඳි 1
බැදගත් මිරිස් කුඩු තේ හැඳි 1
කහකුඩු තේ හැඳි 1/4
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
එනසාල් කරල් 2 යි
රස අනුව ලුණු කුඩු
සියඹලා බොර තේ හැඳි 1/2
උකු මිටිකිරි අඬු කෝප්ප 1
කබ‍ලේ බැද අඹරාගත් හාල් සහ ‍පොල් මේස හැඳි 2
‍පොල් තෙල් ටිකක්
 
සාදන ආකාරය
 
නෙල්ලි සෝදා පිරිසිදු කර, වතුර ටිකක් දමා තම්බා නිවුණු පසු ඇට ඉවත් කර ගන්න. එයට උළුහාල්, කුරුඳු‍පොතු බැදගත් තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු සියඹලා බොර දමා හොඳින් කලවම් කර වතුර අඬු කෝප්ප 1/2 දමා පසෙකින් තබන්න. දැන් මැටි වළඳක් ළිප තබා ‍පොල් තෙල් ටිකක් දමා රත් කරන්න. රත්වූ තෙලට තලාගත් ඉඟුරු, සුදුලූනු, රතුලූනු, රම්පේ, කරපිංචා, සේර, කරදමුංගු දමා රන් පැහැයට බැද ගන්න. දැන් එයට නෙල්ලි මිශ්‍රණය එකතු කරන්න. මදගින්දරේ පිසෙන්නට හරින්න. වතුර හිඳීගෙන එනවිට අඹරාගත් හාල් ‍පොල් මිශ්‍රණය මිටිකිරි වලට කලවම් කර නෙල්ලිවලට එකතු කර උතුරවා ළිපෙන් බා ගන්න.


More News »