Home / මුළුතැන්ගෙය / ග්‍රීන් රයිස් (කොළ බත)

ග්‍රීන් රයිස් (කොළ බත)

2016-08-02 10:53:00       818
feature-top
අපේ ප්‍රධාන ආහාරය වන්නේ බත්, මේ නිසා ‘විවේකී සති අන්තය රසවත් කරන කෑම’ විශේෂාංගයෙන් අපි නිරතුරුවම විවිධ ආකාරයට බත් ‍සකස් කරගන්නා අන්දම ඔබට ගෙන එනවා.

අද ඔබට ඉදිරිපත් කරන මේ ආහාර වට්ටෝරුවෙන් ග්‍රීන් රයිස් නැතිනම් කොළ පැහැති බතක් පිස ගන්නා අන්දම ඔබට පහසුවෙන් දැනගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

කීරි සම්බා - 1kg

හීනියට කපාගත් මුකුනුවැන්න - 200g

හීනියට කපාගත් බ්‍රොකලි - 200g

තම්බා ගත් ග්‍රීන් පීස් - 100g

කපාගත් රතුලූනු - 100g

කපාගත් සුදු ලූනු - 10g

කපාගත් ඉඟුරු - 10g

කහ කුඩු තේ හැඳි - ½

පදමට ලුණු, ගම්මිරිස්

බටර් මේස හැඳි - 2

මිටි කිරි අඬු කෝප්ප - 1

මෙහෙම පිළියෙල කරන්න.

සුදුසු භාජනයක් ළිප මත තබා එයට බටර් දමා රත්වන විට ලුනු, සුදුලූනු, ඉඟුරු, ග්‍රීන් පීස්, බ්‍රොකලි දමා තෙම්පරාදු කරන්න. දැන් එයට බත්හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් කළවම් කර ගන්න. මෙයට පිසගත් බත් දමා පදමට ලුණු, ගම්මිරිස් දමා සලාද කොළවලින් සරසා මේසයට යවන්න.

Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks

More News »