Home / මුළුතැන්ගෙය / සෝල්ඩ් ඇන් පෙපර් ක්‍රෑබ්

සෝල්ඩ් ඇන් පෙපර් ක්‍රෑබ්

2016-08-01 10:49:00       818
feature-top
කකුළුවන් ප්‍රෝටීන් බහුල රසවත් ආහාරයක්. අද අපි ඉදිරිපත් කරන්නේ නිතරම පිසින කකුළුවන් හොද්දට අමතරව වෙනස්ම ආකාරයට කකුළුවන් පිළියෙල කරගන්නා ආකාරයයි.

අවශ්‍ය වන්නෙ -

කකුළුවන් - 1kg

(තරමක ලොකු අලුත් කකුළුවන්)

‍දෙහි යුෂ මේස හැඳි - 4 – 5

කෑලි මිරිස් තේ හැඳි - 1

ලුණු රස අනුව

කෑලි ගම්මිරිස් තේ හැඳි - 2

හාල් පිටි මේස හැඳි - 4 – 5

බැද ගැනීමට අවශ්‍ය තෙල්

සාදන ආකාරය

කකුළුවන් ගෙන කට්ට ඉවත් කර හතරට කපා ගන්න. (කකුළුවාගේ හීනි අඬු අග්ගිස්සෙන් කපා ගන්න) පසුව කපාගත් කකුළුවන්ට ලුණු, ගම්මිරිස්, දෙහි, සහ මිරිස් දමා සීසන් කර එයට හාල් පිටි එක්කර කලවම් කර විනාඩි 10 – 15 තියන්න.

පසුව එය හොඳින් රත්වූ ගැඹුරු තෙලෙහි රන්වන් පාට වනතෙක් බැදගන්න.

මෙය උණු උණුවේම කෑමට ගත් විට රසවත් බව වැඩියි.



Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks

More News »