Home / මුළුතැන්ගෙය / හවායින් ස්ටයිල් චිකන් සැලඩ්

හවායින් ස්ටයිල් චිකන් සැලඩ්

2016-07-30 09:32:00       818
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

සුද්දකර කුඩාවට කපාගත් අන්නාසි ගෙඩි - ½

තම්බාගත් කුකුළු මස් (කටු රහිත) - 500g

කබලේ හෝ තෙලේ බැදගත් කජු - 100g

හීනියට කපාගත් පාස්ලි - 25g

මෙයානස් සෝස් මේස හැඳි - 2 – 3

ගම්මිරිස් කුඩු තේ හැඳි - ½

පදමට ලුණු

පිළියෙල කරන්නේ මෙහෙමයි

ලුණු ස්වල්ප‍යක් දමා කුකුල් මස් තම්බා ගන්න. පසුව නිවෙන්නට හැර හීනියට දිගට තීරු හැඩයට කපා ගන්න. අන්නාසි ද එම හැඩයටම කපා ගන්න. දැන් අන්නාසි, කුකුල් මස් සහ අනිකුත් ද්‍රව්‍ය එකට දමා කලවම් කර ශීතකරණයේ විනාඩි 30 පමණ තබා පිළිගන්වන්න.

Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »