Home / මුළුතැන්ගෙය / මාතර ආරෙට හදමු මාළු ඇඹුල් තියල්

මාතර ආරෙට හදමු මාළු ඇඹුල් තියල්

2016-07-26 11:07:00       818
feature-top
මාළු ඇඹුල් තියල් කියු සැණින් අපේ මතකයට එන්නේ දකුණු පළාත. ඔන්න අද අපි මාතර ආරෙට මාළු ඇඹුල් තියල් පිළියෙල කරගන්න අන්දම නිවැරැදිව කියා දෙනවා.

මේවා අවශ්‍යයි

බල මාළු - 1 kg

(අලගුඩුවා, ඇටවල්ලා, මාළුත් සුදුසුයි,

අලුත් මාළුමනම් වඩාත් හොඳයි)

අඹරා ගත් ගොරකා - 100 g

(තම්බා ගන්න)

අඹරා ගත් සුදුලූනු බික් - 3-4

වෙන් නොවන සේ දෙකට පලා ගත්

අමුමිරිස් කරල් - 5-6

ගම්මිරිස් කුඩු තේ හැඳි - 3

(කෑලි සහිත ගම්මිරිස් කුඩු වඩා හොඳයි)

කරපිංචා ඉති - 2-3

හීනියට කපාගත් රතු ලූනු ගෙඩි - 5-6

වතුර අඬු කෝප්ප - 1

පදමට ලුණු

පිළියෙල කරන්නෙ මෙහෙමයි

මාළුවා ගෙන අඟල් දෙකේ පමණ කෑලිවලට කපාගන්න. මාළුවාගේ ඔළුව ගෙන කරමලය අයින් කර දෙකට පලා ගන්න. දැන් මැටි වළං දෙකක් ගෙන (මෙයින් එක මැටි භාජනයක් ගන්නේ මාළු කෑලි ටික හොඳින් කළවම් කරගන්නයි) එම භාජනය ගෙන අඹරා ගත් ගොරකා, සුදු ලූනු, ලූනු, ගම්මිරිස්, ලුණු, අමුමිරිස්, කරපිංචා සහ වතුර එක්කර උකු මිශ්‍රණයක් සාදාගන්න. වතුර මදිනම් ස්වල්පයක් එක්කරගන්න.

පළමුව එම මිශ්‍රණයේ මාළු ඔළු කෑලි දෙක ගිල්වා අනිත් වළ‍ඳේ (ළිප තබා පිසින) පතුළේ තබන්න. පසුව සියලුම මාළු කෑලි ඒ ආකාරයටම ගොරකා තවරා මාළු ඔළු උඩින් පිළිවෙළට අතුරන්න. ඉතිරි වන ගොරකා ඉස්ම ටිකත් මාළු උඩින් දමන්න.

පසුව කෙසෙල් කොළයකින් උඩින් වසා එයට උඩින් කර මූඩියකින් වසා ළිප තබා පිසගන්න. (මඳ ගින්දරේ තැබීම සුදුසුයි)

පසුව විනාඩි 20 - 25ක් පමණ ගිය පසු රෙදි කෑල්ලකින් වළ‍ඳේ දෙපැත්තෙන් අල්ලා හොඳින් සොලවා ගන්න. ඉස්ම ගතිය අඩු වූ පසු වළඳ උඩින් කෙසෙල් කොළය ඉවත්කර ඇලුමිනියන් තැටියකින් වසා එයට උඩින් ගිනි අඟුරු දමා විනාඩි 10ක් පමණ තබන්න. උඩින් ගිනි අඟුරු දමන විට ළිපේ ගින්දර ඇද තැබීමට අමතක කරන්නෙපා. මෙලෙස පිළියෙල කරන රසවත් ඇඹුල් තියල් රසය වගේම දින 2 - 3 ක් තබා ගැනීමට ද පුළුවන්.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »