Home / මුළුතැන්ගෙය / බැදපු වම්බටු මිශ්‍ර අළු කෙසෙල් හින්දුම

බැදපු වම්බටු මිශ්‍ර අළු කෙසෙල් හින්දුම

2016-07-25 10:40:00       818
feature-top
අවශ්‍ය වන්නෙ -

බැදගත් අළු කෙසෙල් - 250 g

කපා බැදගත් වම්බටු - 250 g

හීනියට කපාගත් ලූනු - 50 g

කපාගත් තක්කාලි - 50 g

‍දෙකට පලාගත් අමුමිරිස් කරල් - 6

කෑලි මිරිස් තේ හැඳි - 1

මිරිස් කුඩු තේ හැඳි - 1/2

තුනපහ කුඩු තේ හැඳි - 1

කහ කුඩු තේ හැඳි - 1/2

ලුණු පදමට

මිටිකිරි අඬු කෝප්ප - 1

කරපිංචා ඉති - 1

අඹරා ගත් අබ තේ හැඳි - 1/2

සාදන ක්‍රමය -

භාජනයක් ළිප තබා එයට මිටිකිරි දමා ගන්න. එයට වම්බටු සහ අළු කෙසෙල් හැර අනිකුත් සියලුම ද්‍රව්‍ය දමා උතුරවා ගන්න. හැඳි ගාමින් පිස ගන්න. දැන් එම මිශ්‍රණයට බැදගත් වම්බටු සහ අළු කෙසෙල් දමා කළවම් කරගන්න.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »