Home / මුළුතැන්ගෙය / පොල් කිරි දමා සාදන කොරටු එළවළු බත

පොල් කිරි දමා සාදන කොරටු එළවළු බත

2016-07-24 10:04:00       818
feature-top
එළවළු බතක් කියු සැණින් අපේ මතකයට එන්නේ කැරට්, ලීක්ස්, ගෝවා වැනි එළවළු එක්කර සාදා ගන්නා බත්. ඒත් බලන්න ගෙවත්තේ හැදෙන එළවළු යොදාගෙන පිළියෙල කරන මේ එළවළු බත රසය ගුණය වගේම හොඳ පෝෂණයකුත් ගෙන එනවා.

මේවා අවශ්‍යයි -

කීරි සම්බා - 1 kg

බණ්ඩක්කා - 100 g

තිබ්බටු හෝ වම්බටු - 50 g

මෑකරල් - 50 g

දඹල - 50 g

ගලේ අඹරා ගත් සුදු ලූනු බික් - 5

අඟලේ පමණ ඉඟුරු කෑලි - 1

මිටිකිරි අඬු කෝප්ප - 1

එළඟිතෙල් මේස හැඳි - 2

රම්පේ, කරපිංචා ටිකක්

එනසාල්, කරාබු නැටි - 3-4

පදමට ලුණු

පිළියෙල කරන ආකාරය -

තුන් වතාවක් පමණ කීරි සම්බා හොඳින් සෝදා එයට රම්පෙ කෑල්ලක් ද දමා අවශ්‍ය ප්‍රමාණයට ජලය එක්කර බත පිසගන්න. එසේ පිසගත් බත කූරුගා හොඳින් බත නිවා ගන්න. පසුව සියලුම එළවළු හීනියට කපා වෙන වෙනම රත්වූ ගැඹුරු තෙලෙහි බැදගන්න. ඉන්පසුව කට ලොකු තරමක වළඳක් ගෙන ළිප තබා රත්වන විට එලඟිතෙල් දමා එයට ඉඟුරු, සුදුලූනු, රම්පේ, කරපිංචා, එනසාල්, කරාබු නැටි දමා තෙම්පරාදු කරගන්න. එම මිශ්‍රණයටම මිටිකිරි එක්කර භාගෙට හින්දවා කකාරවා ගන්න.

දැන් බැදගත් සියලුම එළවළු වර්ග සහ පිසගත් බත දමා හොඳින් කලවම් කරගන්න. පොඩිත්තන්ට පාසල් ගෙනියන්නත් කදිමයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »