Home / මුළුතැන්ගෙය /  පොලොස් හින්දුම

 පොලොස් හින්දුම

2016-07-21 10:41:00       818
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය -

පොලොස් 400
කරපිංචා
අමු මිරිස්
බීලුනු
කහ කුඩු පොඩ්ඩක්
තුනපහ කුඩු තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
ලුණු රස අනුව
සුදුළුනු
ගොරකා පස්ටෙ තේ හැන්දක්
උකු පොල් කිරි කෝප්ප 1ක්
උකු ගතිය අඩු පොල් කිරි කෝප්ප 1ක්
කළු පොල් මිශ්‍රණය සඳහා -
සුදු හාල් මේස හැන්දක් ( මම ගත්තේ බාස්මතී )
ඩෙසිccඅටෙඩ් පොල් මේස හැඳි 2ක්
කුරුඳු පොත්තක්
කරපිංචා
කරාබු නැටි 2ක්
එනසල් 1ක්
අබ ඇට චුට්ටක්
උළුහාල් චුට්ටක්

සාදන ක්‍රමය -
පොලොස් මම ගත්තේ ෆ්‍රීzඑ කරපු පcකෙට් 1ක් . රුපයේ දාලා ඇති . මුලින්ම මේක ඩෙප්‍රොස්ට් කරලා මැටි අතිලියකට දාන්න .

කළු පොල් මිශ්‍රණයට අවශ්‍ය ද්‍රවය සියල්ලම පන් එකකට දාල තද දුඹුරු පැහැ වනතුරු කබලේ බැද ගන්න .( ඔක්කොම බැදිලා ඉවර වෙද්දී අන්තිමට තමයි අබ අට දාන්නේ.) දැන් රස්නේ පිටින්ම අඹර ගන්න. මම කලේ වතුර චුට්ටක් දාලා ගල් වංගෙඩියෙන් අඹරලා පස්ටෙ එකක් හැදුවා. ඒකටම සුදුලුනුත් තලලා දාල,ගොරකා පස්ටෙ එකත් මික්ස් කරලා පොලොස් අතිලියටම දාන්න. බී ලුණු, අමුමිරිස්, කරපිංචා සිහින්ව කපලා ඒකටම දාල, ඉතිරි සියලුම පහේත් ඔක්කොම දාල, උකු නැති පොල් කිරි කෝප්පයත් දාලා හොඳින් මික්ස් කරලා පියන වහලා මද ගින්දරේ පැයක් විතර උයන්න. ඊට පස්සේ පොලොස් කෑලි හොඳට තැම්බී ගෙන එද්දී උකු පොල් කිරි කෝප්පයත් දාල, පියන ඇරලා කිරි හින්දෙනකන් තවත් පයක් විතර මද ගින්දරේම උයන්න.අඩිය අල්ලන්න නොදී වරින් වර ඇතිළිය දෙපැත්තෙන් අල්ලලා ඔසවල හොලවන්න.

iwumpihum.lk


More News »