Home / මුළුතැන්ගෙය / කජු මාළුව

කජු මාළුව

2016-07-20 10:53:00       818
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය:

කජු ග්‍රෑම් 250g
ග්‍රීන් පීස් ග්‍රෑම් 50ක්
උම්බලකඩ මේස හැඳි 1ක්
පොල් මිටිකිරි 2ක්
අමු මිරිස් කරල් 2ක්
ගම්මිරිස් තේ හැඳි 1ක්
කහ තේ හැඳි 1/2ක්
ලුණු තේ හැඳි 1ක්
තුනපහ කුඩු තේ හැඳි 1ක්
සුදුළූණු බික් 3ක්
තැලූ අමු ඉඟුරු කැබැල්ලක්
අබ ස්වල්පයක්
තෙල් ස්වල්පයක්
රතුළූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා, කුරුඳු

සාදන ක්‍රමය:
කජු මද සෝදා ගෙන අවශ්‍ය නම් එයට ග්‍රීන් පීස් ද එක කරගන්න. ඊට රතුළූණු, උම්බලකඩ, කුරුඳු, අමු මිරිස්, ගම්මිරිස්, කහ, තුනපහ, ලුණු එක්කර අත ගා ගන්න.ඉන්පසු තෙල් තාච්චිය ළිප තබා තෙල් රත්වන විට රම්පෙ, කරපිංචා, ළූණු ස්වල්පයක්, සුදුළූණු, අමු ඉඟුරු සහ අබ දමන්න. එය සුවඳ වී එන විට එයට කජු මිශ්‍රණය දමා පිසගන්න. ඉන්පසු පොල්කිරි ද එක් කර කලවම් කරන්න.

වැදගත් කරුණු:
අමු කජු මද මෙසේ භාවිත කළ හැක.
අර්තාපල් කුඩු මේස හැන්දක් ද අවශ්‍ය නම් එක්කල හැක.

iwumpihum.lk



More News »