Home / මුළුතැන්ගෙය / නියම බටර් කේක් එකක් හදන්නෙ මෙහෙමයි

නියම බටර් කේක් එකක් හදන්නෙ මෙහෙමයි

2016-07-18 11:17:00       818
feature-top
බටර් කේක් එකක් කඩෙන් ගන්න ගියොත් සෑහෙන ගාණක්. අඩු මිලට ගත්තත් සමහර විට නියම රසය එන්නෙ නෑ. ඒ නිසා අද රසඳුන කෑම පිටුවෙන් නියම විදිහට බටර් කේක් එකක් ඉක්මනින් පහසුවෙන් පිළියෙල කර ගැනීමට හැකි ලෙස ඉදිරිපත් කරන්නට සිතුවේ ඒ නිසයි.

මේ දේවල් අවශ්‍යයි.

බටර් - 250g

පිටි - 250g

සීනි - 250g

වැනිලා තේ හැඳි - 2

බේකිං පවුඩර් තේ හැඳි - 2

බිත්තර - 4

පිළියෙල කරන්නේ මෙහෙමයි.

භාජනයක් ගෙන එයට බටර් සහ සීනි එකට දමා හොඳින් බීට් කරගන්න. එම මිශ්‍රණය හොඳින් බීට් වූ පසු වරකට එක් බිත්තරය බැගින් කඩා එක්කර හොඳින් බීට් කරගන්න. (නරක් වූ බිත්තර තිබිය හැකි නිසා වෙනත් භාජනයකට බිත්තර කඩා දමා පරීක්ෂා කර බලා මිශ්‍රණයට යෙදීමට වග බලා ගන්න.)

පිටි සහ බේකිං පවුඩර් ගෙන එකට මිශ්‍ර කර හලා ගන්න. හලා ගත් පිටි ටික බීට් කරගත් බටර් මිශ්‍රණයට එක්කර හොඳින් කලවම් කොට එයට වැනිලා එක්කර ගන්න. දැන් මෙම කේක් මිශ්‍රණය බටර් ගෑ තෙල් කඩදාසියක් යොදා පිළියෙල කරගත් තැටියකට දමා 180C උෂ්ණත්වයක් ඇති පෝරණුවක විනාඩි 45ක් පමණ බේක් කරගන්න. හොඳ සුවඳක් එන විට පිරිසුදු ඉරටුවකින් කේක් එකට ඇන බලන්න. මිශ්‍රණය ඉරටුවේ නොගෑවේනම් කේක් එක පදමට බේක් වී ඇත. දැන් එය පෝරණුවෙන් බාගන්න.

ඉතාමත් පහසුවෙන්, ලෙහෙසියෙන් පිළියෙල කර පුළුස්සා ගත් බටර් කේක් එක දැන් ඔබට ‍තේ පානය කරන මොහොතට හෝ ගෙදරට අමුත්තෙක් පැමිණි විට පිළිගන්වන්න පුළුවන්.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »