Home / මුළුතැන්ගෙය / අයිස් ක්‍රීම් බැදලා කමු ද?

අයිස් ක්‍රීම් බැදලා කමු ද?

2016-07-17 09:41:00       819
feature-top
අයිස් ක්‍රීම් රසවත් අතුරුපසක්. අයිස්ක්‍රීම් ඉක්මනින් දියවෙන නිසා ඉක්මනින්ම ආහාරයට ගන්න ඕනෙ. ඒත් අයිස්ක්‍රීම් බැදලා කන්න පුළුවන් කිව්වාම ඔබ විශ්වාස කරන එකක් නෑ. බලන්න ඔබේ නිවෙසේ අයට විවේකී සති අන්තයේ මේ රසවත් අතුරුපස රසවත්ම එකක් වේ.

මේ දේවල් අවශ්‍යයි.

කැමැති වර්ගයක අයිස්ක්‍රීම් - 1L

(වර්ණ දෙකකින් නම් වඩාත් හොඳයි)

බිත්තර - 2

කුරුඳු කුඩු තේ හැඳි - 1/2

පාන් කුඩු - 150g

බැද ගැනීමට තෙල්

ලන්ච් ෂීට් කිහිපයක්

පිළියෙල කරන්නේ මෙහෙමයි

අධි ශීතකරණයේ තබා අර ගත් අයිස්ක්‍රීම්වලින් දෙහි ගෙඩියක ප්‍රමාණය අයිස්ක්‍රීම් බෝල සාදා ලන්ච් ෂීට්වල ඔතා තද වෙන සේ ගුලි කරන්න. මෙසේ සාදා ගත් අයිස්ක්‍රීම් ගුලි අධි ශීතකරණයේ තබා ගන්න.

බිත්තර පෙන නඟින තුරු හොඳින් ගසාගෙන එයට කුරුඳු කුඩු ද එක්කර ගන්න.

දැන් ශීතකරණයේ තැබු අයිස්ක්‍රීම් බෝල ගෙන ලන්ච් ෂීට් ඉවත් කර බිත්තර සාරුවල ගිල්වා පාන් කුඩු තවරා පෙර තැබු ආකාරයටම ලන්ච් ෂීට්වල ඔතා අධි ශීතකරණයේ පැය දෙකක් පමණ තබන්න.

පසුව තෙල් තාච්චියක් ළිප තබා පදමට රත්වූ පසු අයිස් ක්‍රීම් බෝල ගෙන තප්පර 10 - 12 පමණ බැද ගන්න. බැද ගත් විගස සෝස් සමඟ පිළිගන්වන්න.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »