Home / මුළුතැන්ගෙය / මාලු මෝජු

මාලු මෝජු

2016-07-15 11:00:00       819
feature-top
මාලු මෝජු

මාලු පොඩි පෙති කපා ගන්න.
කහ
මිරිස් කුඩු
ගම්මිරිස් කුඩු
රස අනුව ලුණු

මාලු පොඩි පෙති වලට කපා හොදින් සෝදා වතුර බෙරන්න.එකට කහ,මිරිස් කුඩු,ගම්මිරිස් කුඩු සහ රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කර පැයක් පමණ තියන්න.
මාලු ටික ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න.
භාජනයක් ලිප තබා මිරිස් කරල් ටිකක් කොත්තමල්ලි සුදුරු මාදුරු ටිකක් බැද අබරා ගන්න.ඉන් පසුව වෙනත් භාජනයක් ලිප තියා එකට තෙල් ටිකක් දමා රත් වු පසු ඉගුරු සුදුලුනු පේස්ට් හා කුරුදුපොතු කැල්ලක් කුඩු කරගත් එනසාල් ටිකක් දමා බැදෙන්නට හරින්න.
එයටම ලොකුවට කපා ගත් ලොකු ලුනු මාලු මිරිස් දමා මිශ්‍ර කරන්න.එයටම ගම්මිරිස් කුඩු කහ කුඩු අමුතුනපහ ටිකක් කලින් කුඩු කර ගත් මිශ්‍රණ්යත් දමා හොදින් මිශ්‍ර කරන්න.
එයටම අබ කුඩු ටිකක් හො පෙස්ට් ටිකක් විනාකිරි සමග මිශ්‍ර කර දාන්න.එයටම බැද ගත් මාලු දමා හොදින් මිශ්‍ර කරන්න.
එකට අඹ චට්නි හෝ ලුනු දෙහි ටිකක් දමා ටික වෙලාවක් තබා බාන්න.

iwumpihum.lk



More News »