Home / මුළුතැන්ගෙය /  නූඩ්ල්ස් කොත්තු

 නූඩ්ල්ස් කොත්තු

2016-07-12 11:16:00       820
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය - නූඩ්ල්ස් පැකට් 1/2 (හරිස්චන්ද්‍ර විශේෂ නූඩ්ල්ස් වඩාත් හොඳයී) කටු රහිත කුකුල් මස් 400 ලොකු කැරට් අලයක් ගෝවා ටිකක් මාලු මිරිස් කරල් 2ක් තක්කාලි පොඩි ගෙඩියක් ළුණු කොළ කීපයක් සුදු ළුණු කරපිංචා බිත්තර 1හෝ 2 කෑලි මිරිස් ටිකක් ටිකක් සැර චිකන් හොදි ටිකක්. අවශ්‍ය නම් සෝයා සෝස් හා බාබකිව් සෝස් පොඩ්ඩක්


සාදන ක්‍රමය - මුලින්ම පැකට් එකේ තියෙන විදියට නූඩ්ල්ස් ටික තම්බා ගෙන පැත්තකින් තියන්න. කටු රහිත චිකන් ටික අරගෙන පොඩි කැලි කපලා ලුනු,ගම්මිරිස් කුඩු දාල මිනිත්තු 5 ක් විතර තියලා යන්තමින් තෙලෙන් බැදගන්න. ඒ ටික තෙලෙන් අයින් කර පැත්තකින් තියන්න.ඉන්පසු පොඩියට කැපූ කැරට්, බී ලූනු, මාලුමිරිස්, ගෝවා, සුදු ලූනු කරපිංචා සේරම තෙල් ටිකකින් බැදෙන්න අරින්න. තරමක් සොෆ්ට් උනාට පස්සෙ චිකන් හොදි ටික එකතු කරන්න ඕන. කෑලි මිරිස් ටිකත් ඒකටම එකතු කරන්න. ඊට පස්සෙ බිත්තරයක් කඩල දාලා එකත් හොඳට කලවම් කරන්න . ඉන්පසු නූඩ්ල්ස් ටික, බැදපු චිකන් ටිකයි දාල හොඳට වැඩි ගින්දරෙන් කලවම් කරන්න . අන්තිමට පොඩියට කපා ගත්ත ලූනු කොල ටිකකුයි, තක්කාලි ටිකකුයි දාලා. කොත්තුව මැලවෙන කල් හොඳින් කලවම් කරන්න . රස අනුව ලුණු දමන්න.අවශ්‍ය නම් ලිපෙන් බාන්න බාන්න කලින් සෝයා සෝස් හා බාබකිව් සෝස් ටිකක් දාන්න.

iwumpihum.lk


More News »