Home / මුළුතැන්ගෙය / චීන රසයට හදන ගමේ බණ්ඩක්කා

චීන රසයට හදන ගමේ බණ්ඩක්කා

2016-07-11 11:27:00       818
feature-top
බණ්ඩක්කා රසවත්ව පිළියෙල කරගත හැකි එළවළුවක්. සාමාන්‍යයෙන් ගෙවත්තක පහසුවෙන් වගා කරගත හැකි නිසා ගෘහණියන් කිරට, මිරිසට නිතරම වගේ පිළියෙල කරනවා. බලන්න චීන ක්‍රමයට බණ්ඩක්කා පිසගෙන පොඩිත්තන් වඩාත් ආසාවෙන් ආහාර ගනීවි.

අවශ්‍ය වන්නේ

නොමේරූ බණ්ඩක්කා - 500g

ඉදුණු මිරිස් කරල් - 6

සුදු ලූනු බික් - 4 5

සෝයා සෝස් තේ හැඳි - 2

රස අනුව ලුණු

සීනි තේ හැඳි - 1

නෝන් පිටි තේ හැඳි - 4 5

කෑලි මිරිස් තේ හැඳි - 1

එළවළු තෙල් අවශ්‍ය ප්‍රමාණය

තත්කාලි සෝස් මේස හැඳි - 3 4

පිළියෙල කරන ආකාරය

බණ්ඩක්කා සෝදා පිරිසුදු කර දිග් අතට වන සේ සිහින්ව කපා ගන්න. ඉන් පසු එම බණ්ඩක්කා වලට ලුණු, ගම්මිරිස් සහ කෝන් පිටි ද දමා හොඳින් පදම් කර රත්වූ ගැඹුරු තෙලෙහි බැඳ ගන්න.

ඉඳුණු මිරිස් සිහින්ව කපා ගන්න. සුදු ලූනු ද සිහින්ව කපා ගන්න. පසුව භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් දමා රත්වන විට එයට කපා ගත් සුදුලූනු සහ මිරිස් දමා හොඳින් තෙම්පරාදු කරගන්න.

දැන් සියලුම ද්‍රව්‍ය සමඟ සෝස් දමා කලවම් කරගන්න. පසුව එම මිශ්‍රනයට බැදගත් බණ්ඩක්කා දමා කලවම් කරගන්න.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »