Home / මුළුතැන්ගෙය / අල ඩෙවල්

අල ඩෙවල්

2016-07-10 10:12:00       818
feature-top
අල කිරි හොද්ද, අල තෙල් දැමීම ගෘහණියන් නිතරම පිළියෙල කරනවා. එහෙත් බලන්න අල ඩෙවල් හදලා විවේකී දිනයේ පවුලේ අය එකතු වෙන කෑම මේසය වඩාත් රසවත් කරගන්න පුළුවන්.

අවශ්‍ය වන්නෙ

තරමක අල - 500g

ලොකු ලූනු - 200g

දිගට කපාගත් අමුමිරිස් කරල් - 6 7

හීනියට කපාගත් ලීක්ස් - 50g

අඟලේ පමණ කොටු කපාගත් මාළු මිරිස් - 100g

අඹරාගත් ඉඟුරු, සුදු ලූනු - 30

(බෙල් පෙපර් වුණත් සුදුසුයි)

තක්කාලි සෝස් අඬු කෝප්ප -

ඔයිස්ටර් සෝස් මේස හැඳි - 2

කෑලි සහිත ගම්මිරිස් තේ හැඳි -

සීනි තේ හැඳි -

පදමට ලුණු

අල බැද ගැනීමට තෙල්

හාල් පිටි - 100g

සාදන ආකාරය

අලවල පොතු ඉවත්කර අඟලේ කෑලිවලට කපාගන්න. පසුව ලුණු, ගම්මිරිස්, හාල් පිටි දමා සීසන් කර රත්වූ ගැඹුරු තෙලෙහි රන්වන් පාට වන තෙක් බැද ගන්න‍. (අල කෑලි විනාඩි දෙකක් පමණ තෙලෙහි තැබීම ප්‍රමාණවත් වේ.)

පසුව කට ලොකු භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් දමා රත්වන විට ඉඟුරු, සුදු ලූනු මිරිස් දමා හොඳින් විනාඩි 2 ක් පමණ තෙම්පරාදු කරගන්න. දැන් එම මිශ්‍රනයට සියලුම සෝස් වර්ග සහ බැදගත් අල දමා හොඳින් කලවම් කර ගන්න. ළිපෙන් බා ගැනීමට විනාඩියකට දෙකකට පෙර එයට ලීක්ස් මිශ්‍ර කරන්න. ළිපෙන් බා උණු උණුවේම කෑමට ගන්න.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »