Home / මුළුතැන්ගෙය / බනානා පිටර්ස්

බනානා පිටර්ස්

2016-07-04 11:03:00       818
feature-top
කෙසෙල් ගෙඩියක් අතුරුපසට ගන්නට කොයි කවුරුත් කැමැතියි. අද අප හඳුන්වා දෙන්නට යන්නේ තරමක් ඉදුණු කෙසෙල් ගෙඩිවලින් රසවත් අතුරුපසක් සාදාගන්නා ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය :-

ඉදුණු කෙසෙල් ගෙඩි - 10

(ඇඹුල් කෙසෙල්නම් වඩාත් හොඳයි)

හීනියට ගා ගත් හකුරු - 100g

තල ඇට - 50g

පොල් හෝ කිතුල් පැණි අඬු කෝප්ප - 1

පාන් පිටි - 250g

එළකිරි හෝ පිටිකිරි අවශ්‍ය ප්‍රමාණයට

කහ කුඩු තේ හැඳි - 1/2

ලුණු ස්වල්පයක්

බේකිං පවුඩර් තේ හැඳි - 1/4

පිළියෙල කරන ආකාරය

පාන්පිටි, කිරි කහ බේකිං පවුඩර් එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කර මිශ්‍රණය පෙරා ගන්න. එයට තල ඇට එකතු කරන්න.

පසුව කෙසෙල් ගෙඩි දෙකට පලා පාන් පිටි ටිකක් තවරා සාදා ගත් බැටරයේ ගිල්වා රත්වූ තෙලෙහි බැද ගන්න. බැදගත් කෙසෙල් ගෙඩි සුදුසු තැටියකට දමා එයට පැණි, හකුරු, උඩින් දමා කෑමට ගන්න. කුරුඳු කුඩු ස්වල්පයක් දැමීමෙන් වඩාත් රසයක් ගෙනෙයි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »