Home / මුළුතැන්ගෙය / ඉතාලියේ විදිහට ස්පැගටි හදමු

ඉතාලියේ විදිහට ස්පැගටි හදමු

2016-07-03 09:57:00       818
feature-top
ඉතාලියේ ජීවත්වන, රැකියාව කරන ලාංකිකයින් පිරිස වැඩි නිසා සමහර ඉතාලි කෑම දැන් අපටත් හුරුපුරුදුයි‍‍. නූඩ්ල්ස්, ස්පැගටි, මැකරෝනි වර්ග මේ අතරින් ප්‍රධානයි. අද රසඳුන කෑම තීරයෙන් ස්පැගටි ඉතාලියන් විදිහට පිළියෙල කරගන්නා ආකාරය ඔබට කියා දෙන්නට සුජිත් ආරියරත්න සූපවේදියා සූදානම්.

විවේකී සතිඅන්තයේ හැමෝම ගෙදර ඉන්න වෙලාවක ඉක්මනින් පහසුවෙන් පිළියෙල කරගන්නට පුළුවන් ස්පැගටි රස විඳලා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :-

තම්බා ගත් ස්පැගටි - 400g

(වතුර තබා හොඳින් උතුරන විට ස්පැගටි දමා තම්බා ගන්න)

තම්බා ගත් කුකුළු මස් (කපාගත් පොඩි කෑලි) - 300 g

ටොමැටෝ කෙචප් අඬු කෝප්ප - 1 1/2

වතුර අඬු කෝප්ප - 1 විනාකිරි අඬු කෝප්ප - 1/4

දුඹුරු සීනි මේස හැඳි - 2 ගම්මිරිස් කුඩු තේ හැඳි - 1

දෙහි යුෂ මේස හැඳි - 1 සෝයා සෝස් මේස හැඳි - 1

පදමට ලුණු අඹරා ගත් අබ තේ හැඳි - 1

කපාගත් බෙල් පෙපර් - 50g කපාගත් ලූනු - 50g

බාබකියු සෝස් අඹරා ගත් සුදු ලූනු

ඔලිව් තෙල් නැතහොත් පොල්තෙල් මේස හැඳි - 2

සාදා ගන්නේ මෙහෙමයි.

තරමක ලොකු භාජනයක් ළිප මත තබා එයට තෙල් දමා රත්කර ගන්න. දැන් එයට සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න. ඉන්පසු බාබකියු සෝස් එක්කර එයටම කපාගත් මස් ද එක්කර එයට තම්බා ගත් මස් සහ ස්පැගටි දමා හොඳින් කලවම් කරගන්න.

සෝස් එක හදන්නේ මෙහෙමයි.

තරමක භාජනයක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමා එයට අනිකුත් සියලුම ද්‍රව්‍ය එක්කර හොඳින් හැඳිගා ගන්න. ඉන්පසු ස්පැගටිවලට මෙම සෝස් දමා පිළිගන්වන්න.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »