Home / මුළුතැන්ගෙය / ස්විස් ‍රෝල්

ස්විස් ‍රෝල්

2016-06-26 09:53:00       818
feature-top
ගෙදරකට එන අමුත්තකුට සංග්‍රහ කරන්න බොහෝ ගෘහණියෝ ගන්නේ බිස්කට්. ඒත් ටිකක් වැදගත් කෙනෙක් ආවොත් නැත්නම් ළඟම ඥාතියෙක් ආවොත් කේක් කෑල්ලක් දීමත් කරනවා. ඔන්න අද අපි ඔබට ස්විස් රෝල් එකක් බොහොම පහසුවෙන් හදාගන්නා අන්දම කියලා දෙන්න සූදානම්.

මේ දේවල් අවශ්‍යයයි:-
සීනි 75g
පාන්පිටි 75g
ස්ට්‍රෝබෙරි ජෑම් බෝතල් 1/2
බිත්තර 3

හදන්න ලේසියි:-

බිත්තර සුදු සහ කහ මඳ වෙන වෙනම ගන්න. පළමුව සුදු මද හොඳින් බීට් කර ගන්න. මෙම සුදුමද මිශ්‍රණයට සීනි සහ කහ මද ටික ටික එකතු කර හොඳින් බීට් කර ගන්න. දැන් සුදුසු කේක් තැටියක යටට තෙල් කඩදාසි දමා එයට උඩින් මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 10 - 12 බේක් කර ගන්න.

බේක් වූ පසු එළියට ගෙන නිවුණු පසු තෙල් කඩදාසි ගලවා ‍ෙහාඳින් මිශ්‍ර කර ගත් ජෑම් ගා අනාගෙන තුනී කරගන්න. ඉන්පසු නැවතත් රෝල් කර තෙල් කඩදාසියකින් ඔතා ශීතකරණයේ විනාඩි 30ක් පමණ තබා කෑමට ගන්න.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »