Home / මුළුතැන්ගෙය / පොළොස් බෝල ව්‍යංජනය

පොළොස් බෝල ව්‍යංජනය

2016-06-22 12:46:00       818
feature-top
අවශ්‍ය වන්නෙ :-

හොඳින් තම්බා ගත් පොළොස් ගෙඩි - 1
කඩල පිටි - 100g
හීනියට කපාගත් රතු ලූනු -100g
අඹරා ගත් ඉඟුරු, සුදුලූනු - 30g
පදමට ලුණු
කබලේ බැදගත් තුනපහ තේ හැඳි - 3
කබ‍ලේ බැදගත් මිරිස් කුඩු තේ හැඳි - 2
කහ කුඩු තේ හැඳි - 1
ගම්මිරිස් කුඩු තේ හැඳි - 1
රම්පේ, කරපිංචා ඉති - 1
එනසාල්, කරාබු නැටි - 3 - 4
පොල්කිරි අඬු කෝප්ප - 3
පිළියෙල කරගන්නෙ මෙහෙමයි :-
ලුනු සහ ගොරකා දමා පොළොස් හොඳින් තම්බා වහල්ල සහ පොත්ත ඉවත්කර හොඳින් කපා ගන්න.
පසුව මෙම පොළොස් වලට ඉඟුරු, සුදුලූනු, ලුණු සහ ගම්මිරිස් දමා එයට කඩලපිටිද දමා හොඳින් බැදගන්න. පොඩි කරගත් පොළොස් තේ හැන්දක් ගෙන රත්වූ තෙලෙහි රන්වන් පාට වනතෙක් බැදගන්න.
දැන් වෙනත් භාජනයක් ගෙන එයට තෙල් මේස හැඳි දෙකක් දමා රත්වන විට ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු කර ගන්න. පසුව එයට සියලු ම තුනපහ සහ මිටිකිරි දමා උතුරවා ගන්න. උතුරවා ගත් පසු බැදගත් පොළොස් බෝල දමා කලවම් කර ගන්න.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »