Home / මුළුතැන්ගෙය / ගමේ එළවළු බත

ගමේ එළවළු බත

2016-06-21 10:19:00       819
feature-top
ගෙවත්තෙන් සොයා ගත හැකි රසවත්, ගුණවත් එළවළු භාවිතා කරමින් ගමේ ක්‍රමයට එළවළු බතක් ඉතා පහසුවෙන් පිසගත හැකියි. මෙම පොහොය දවසේ කෑම මේසයේ වෙනසක් සොයන ඔබට මෙය කදිමයි.
අවශ්‍ය වනුයේ:-
පිසගත් කීරි සම්බා - 1kg
හීනියට කපාගත් බණ්ඩක්කා - 100g
හීනියට කපාගත් කෙසෙල්මුව - 100g
හීනියට කපාගත් මෑ කරල් - 100g
හීනියට කපාගත් නෙලුම් අල - 100g
අඹරාගත් ඉඟුරු, සුදුලූනු - 30g
කපාගත් වියළි මිරිස් කරල් - 6
කපාගත් රතු ලූනු - 100g
එළිඟිතෙල් මේස හැඳි - 4 - 5
මිටිකිරි අඬු කෝප්ප - 1/2
රම්පේ / කරපිංචා ඉති - 1
පදමට ලුණු
මෙහෙම පිළියෙල කරන්න.
කපාගත් සියලුම එළවළු වර්ග රත්වූ ගැඹුරු තෙලේ බැදගන්න. පසුව වෙනත් සුදුසු භාජනයක් ළිප තබා එයට එළඟිතෙල් එක්කර රත්වන විට ඉඟුරු, සුදුලූනු, රතුලූනු, රම්පේ, කරපිංචා, වියළි මිරිස් දමා තෙම්පරාදු කරගන්න. දැන් එයට මිටිකිරි ද එක්කර භාගයට හින්දවා ගන්න.
පසුව පිසගත් එළවළු සහ බත් එක්කර හොඳින් කලවම් කර ගන්න. මෙයට කහ කුඩු තේ හැඳි එකක් පමණ ද එකතු කිරීමට අමතක නොකරන්න.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »