Home / මුළුතැන්ගෙය / මුං ඇට මිශ්‍ර කෙසෙල්මුව හින්දුම

මුං ඇට මිශ්‍ර කෙසෙල්මුව හින්දුම

2016-06-20 10:00:00       818
feature-top
පිළියෙල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය:‍‍

හීනියට කපාගත් කෙසෙල්මුව - 500g
හොඳින් තම්බාගත් මුං ඇට - 200g
තුනපහකුඩු තේ හැඳි - 1
කහ කුඩු තේ හැඳි - 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි - 1
අබ ඇට තේ හැඳි - 1
රම්පේ කරපිංචා
කපාගත් ලූනු, අමුමිරිස්
මිටිකිරි අඬුකෝප්ප - 3
කපාගත් තක්කාලි ගෙඩි - 1
තෙල් මේස හැඳි - 2 - 3
පදමට ලුණු

මෙසේ පිළියෙල කරන්න :-
කෙසෙල්මුව සෝදා මිරිස්, ගම්මිරිස් සහ අනිකුත් සියලුම ද්‍රව්‍ය දමා තෙල් ටිකක් රත්කර තෙම්පරාදු කරගන්න. කෙසෙල්මුව තෙම්පරාදු උණු පසු එයට මුංඇට සහ පොල් කිරිදමා හැඳි ගාමින් උතුරවා ගන්න. පසුව ළිපෙන් බා කෑමට ගන්න.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »