Home / මුළුතැන්ගෙය / ඌසි රයිස්

ඌසි රයිස්

2016-06-12 10:07:00       819
feature-top
ඔබට ගෙන එන මේ බත් වර්ගය හඳුන්වන්නේ ඌසි රයිස් නමින්. විවේකී සති අන්තයේ නිවෙසට පැමිණෙන අමුත්තන්ට, නෑදෑයින්ට සංග්‍රහ කිරීමට මේ බත් වර්ගය කදිමයි.

මේවා අවශ්‍යයයි:

බාස්මතී හාල් - 1k

අඹරපු කුකුල් මස් - 200g

පොඩියට කපාගත් ලූනු - 50g

පොඩියට කපා ගත් සුදු ලූනු - 20g

පොඩියට කපාගත් එළුමස් - - 200g

(එළුමස් නොකනවා නම් භාවිතා නොකර සිටිය හැකියි)

බේලිවිස් කොළ - 2 3 (සුපර් මාකට්වල ඇත)

කුරුඳු පොතු කෑලි - 1

එනසාල් ඇට - 3 4

තම්බපු බිත්තර - 5

කපාගත් කොත්තමල්ලි කොළ - - 50g

එළඟිතෙල් - 100ml

බැදගත් කජු - - 100g

පදමට ලුණු

මෙලෙස සාදා ගන්න -:

හාල් ගරා ‍සෝදා ගෙන පැය භාග‍යක් පමණ පොඟවා ගන්න. සුදුසු භාජනයක් ළි‍ප තබා එයට ‍එළඟිතෙල් දමා රත්වන විට ලුනු, සුදුලූනු, කුරුඳු, බේලිව්ස් දමා තෙම්පරාදු කරගන්න. එයටම පොඟවා ගත් හාල් (වතුර ඉවත් කර දමා) එයට අඟල් උඩින් වතුර දමා මඳ ගින්නේ බත පිස ගන්න. පිසගත් පසු උඩින් එළඟිතෙල් බැදපු කපු, කපාගත් බිත්තර සහ කොත්තමල්ලි කොළවලින් සරසා පිළිගන්වන්න.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »