Home / මුළුතැන්ගෙය / මිශ්‍ර එළවළු ස්ටූ

මිශ්‍ර එළවළු ස්ටූ

2016-06-07 09:11:00       819
feature-top
මේ දවස්වල එළවළු මිල ටිකක් ඉහළ ගියත් ආහාර වේලකට එළවළු නැතුවම බැහැ. අද අපි ඉදිරිපත් කරන්නේ එළවළු ටික ටික ගෙන අපූරු මිශ්‍ර එළවළු ස්ටූ එකක් පිස ගන්නා අන්දමයි. නිවෙසට අමුත්තන් කීප දෙනෙක් පැමිණි අවස්ථාවකදී ඉතාමත් ඉක්මනින් රසවත්ව පිළියෙල කරගෙන බත් සමඟ පිළිගන්වන්න මෙය කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

ගෝවා මල් - 100g

අල - 100g

කැරට් - 100g

බෝංචි - 100g

ගෝවා - 100g

කජු මද - 100g

සුදු ලූනු - 10g

කපාගත් රතු ලූනු - 50g

කරපිංචා ඉති - 1

කහ කුඩු තේ හැඳි -

ගම්මිරිස් කුඩු තේ හැඳි - 1

‍පොල් කිරි අඬු කෝප්ප - 1

වතුර පදමට

බටර් මේස හැඳි - 1

පිළියෙල කරන්නෙ මෙහෙමයි

සියලුම එළවළු වර්ග අඟල් දෙකේ පමණ කෑලි වලට කපා ගන්න. පසුව භාජනයකට බටර් දමා එය ළිප මත තබා රත්වන විට රතු ලූනු, කරපිංචා, සුදුලූනු දමා තෙම්පරාදු කරගන්න. එයට ම සියලුම එළවළු වර්ග සහ අනෙකුත් සියලුම දේ දමා වතුර අවශ්‍ය පදමට දමා තම්බා ගන්න. වතුර ගතිය හිඳුණු පසු මිටි කිරි දමා ‍උතුරවා ගන්න. දැන් මෙය කලවම් කර, කිරි භාගෙට (1‍‍/2) හිඳුණු පසු ළිපෙන් බා ගන්න.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »