Home / මුළුතැන්ගෙය / ෆ්ලැට් බ්‍රෙඩ්

ෆ්ලැට් බ්‍රෙඩ්

2016-06-01 09:24:00       780
feature-top
හදිසියේ බඩගින්නක් ආව වෙලාවකට කන්න කියාපු කෑමක් මේ. ඉක්මණින් හදාගන්න වගේම මේකට ඕන ද්‍රව්‍ය ටිකත් හුඟක් වෙලාවට ගෙදරම තියෙනවා. නැතත් හොයාගන්න අපහසු නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය

    යෝගට් 125g
    බේකින් පව්ඩර් මේස හැඳි 1 1/2
    පාන් පිටි කප් 1 1/2

 

පියවර

    මේ සියල්ල එකට අනාගෙන පොඩි බෝලයක් හදල විනාඩි 10ක් පිරිසිදු තෙත රෙද්දකින් හෝ ලන්ච් ශීට් එකකින් වහල තියන්න.
    පස්සෙ කොටස් 4කට කඩලා රොටියක් විදියට තුනී කරගෙන රත්වෙච්ච තැටියක දාල පුළුස්ස ගන්න. ඕනම කරියක් එක්ක වගේම හදිසි බඩගින්නට බටර් ටිකක් ගාගෙන උනත් කන්න පුළුවන්.

More News »